සැහෙනම කාලෙකට පස්සෙ,
ඔව් ඔව් දන්නෙ නැද්ද , වැඩ වැඩී නෙහ්..
කොහොමහරි අද නම් ආවෙ හෙනම වැදගත් දෙයක් ගැන කියන්න.
ගොඩක් කට්ටිය අසයි නේ youtube වීඩියො එවෙලෙ බලන්නෙ නතුව බාලා පස්සෙ බලන්න. ට්යුටොරියල්ස් එහෙම , බාගන්න තියෙන්වා නම් මාර වටිනව නේ.
මේ වැඩෙට බොහෝ විට IDM තමයි use කරන්නේ,
ඒ උනාට ඒ කේ crack එක මාට්ටු උනහම , ලෝක අමරුවක නේ වටෙන්නේ
එක නිසා මට්ටු වෙන්නෙත් නැති, කිසිම කරදරයකුත් නැති , සැහෙන්නම දඩ , වීඩියෝ බාන ක්‍රමයක් ගැන තමයි අද කියන්න යන්නේ,
මේකට youtube-dl කියල තම්යි කියන්නේ,
මේක command line tool එකක් , සරලවම කියන්වනම් මෙකට user interface එකක් නැ.
ඒ උනාට අවුලක් ගන්න එපා , පොඩ්ඩක් පුරුදු උනහම හෙනම ලෙසි,
මේක cross platform tool එකක්, ඒ කියන්නෙ මේක windows linux mac කියන os 3නටම එනවා.
මන් මෙකෙදි use කරන්නේ ubuntu 18.4 os එක.
official github repo එක - https://github.com/ytdl-org/youtube-dl
official github repo එක |
මේ command එකෙන් වෙන්නේ , ඔයාගෙ pc එකේ configure වෙන එක
sudo curl -L https://yt-dl.org/downloads/latest/youtube-dl -o /usr/local/bin/youtube-dl
sudo chmod a+rx /usr/local/bin/youtube-dl
මෙකෙදි අව්ලක් අවොත් විතරක් , curl කියන package එක install කරගන්න
sudo apt-get install curl
මෙකෙදි මේ sudo කියල ඉස්සරහින් දාල තියෙන්නේ root permission ඕනේ කියලා, එතනදි ඔයගේ password එක සමහරක් වෙලවට ඉල්ලනවා,
ඔය දෙකම රෙඩි නම් දන් තියෙන්නේ ඉතින් වීඩියො බාන්න පටන් ගන්න එක තමයි,
මන් ඉස්සෙල්ලාම කිව්වා නේ මෙකට UI එකක් නෑ , කියලා, එක නිසා මෙකට ඔයාට ඕනෙ input එක දෙන්නේ bash commands වලින්.
මේකෙ format එක තමයි - youtube-dl [OPTIONS] URL [URL...]
මුලිම්ම youtube-dl (ඒක ඉතින් එහෙම වෙන්න එපැයි) ඊට පස්සේ options(කියන්නෙ අපිට මෙකෙදි අවශය වෙන අමතර දේවල් වගේ, නිකන් video format,ignore errors වගේ ) ඊට පස්සෙ තමයි අපිට ඕනේ video එකේ URL එක ( සරලවම කියනවානම් Link එක)දෙන්න ඕනේ.
මන් මෙතනදි පොඩි උදහරනයක් අරන් තියේනවා.
youtube-dl https://www.youtube.com/watch?v=1G4isv_Fylg
මෙකෙදි අපිට අනිවර්යෙන්ම options දෙන්න ඕනේ කියලා එකක් නැ,
කිසිම option එකක් දුන්නේ නත්තම් ,default quality එකෙන් video එක download වෙනවා .මෙකේදි video එක download වෙන්නේ අපි දැන් වැඩ කරන directory එකට,
දැන් අත්තටම කියන්වානම් video එකක් download කරලා ඉවරයි, ඒ උනාට මේකෙ වැඩ නම් මේතනින් ඉවර නැ,
මෙකෙන් අපිට, playlist පිටින් කොටිම්ම කිව්වොත් youtube channel පිටින් download කරන්න පුලුවන්.අදල URL එක දෙන්න විතරයි තියෙන්නේ,
හරි දැන් එකේ video එකක් බාගත්තනේ, ඒ උනාට ඔකේ පොඩි අවුලක් නද්ද, අපිට ඕනේ quality එකෙන් download උනේ නැනේ.අන්න එතනදි තමයි අපිට options වදගත් වෙන්නේ.
මෙතන්දි මන් කියන්නේ quality එක තෝරන option එක ගැන විතරයි.
මෙකෙදි අපිට නිකම්ම 1080,720,480 කියලා කිව්වාට පොරට එක තේරෙන්නේ නැ . පොරට ඒක කියන්න වෙනම system එකක් තියෙයි. උ දන්නේ එකෙන් කිව්වාම විතරයි.ඒක තමයි video format code කිය්න්නේ.
දැන් ඊලග ප්‍රස්නේ තමයි ඒක හොයාගන්න එක, එකටත් ඉතින් ඔයා හිතුවා වගෙම command එකක් තියෙනවා.
මෙතන option වලට දීල තියෙන්නන් --list-formats කියන flag එක,
මෙකෙන් අපිට දීපු URL එකේ ඔක්කොම available format බලාගන්න පුලුවන්
youtube-dl --list-formats https://www.youtube.com/watch?v=1G4isv_Fylg
මේකෙ මේ වම් පත්තේ ඉලක්කන් වගයක් තියේන්නෙ. අන්න එව්වට තමයි video format code කියන්නේ.
මෙතනින් වදගත් වෙන ටිකක් මන් දාන්නම්-
133 - 426 x 240p
134 - 640 x 360p
135 - 854 x 480p
136 - 1280 x 720p
137 - 1920 x 1080p
මන් මෙතනදි පොඩි උදහරනයක් දීලා තියෙන්වා , මෙකෙන් download වෙන්නේ 1080p quality එකේ video එක
youtube-dl -f 137 https://www.youtube.com/watch?v=1G4isv_Fylg
[UPDATE]
/****************************************************/
youtube-dl පාවිච්චි කරන කොට video එක විතරක් download වෙලා Audio නැත්තම්, මෙහෙම පොඩි අවුලක් වෙන්න පුලුවන්.
මන් උඩදි කිව්වනේ video format code එක use කරල අපිට ඕනේ quality එක්ක video download කරන්න පුලුවන් කියල , හබයි ඔතනදි video only , කියල videos තියෙනවා. එවා download කරන්වනම් අපි වෙනම audio එකක් download කරල ඒ දෙක mix කරන්න ඔනේ.නත්තම් video එක විතරයි sound නෑ.
මෙක මේ කියන තරම් සංකීර්ණ නෑ .
මෙකට අපිට ffmpeg කියන library එක install කරන්න වෙනවා
sudo apt install ffmpeg
හරියට වෙලද කියල බලන්න මෙ එක ගහල බලන්න ffmpeg -version
මේවගෙ එකක් එන්වනම් හරියට වෙල තියෙනවා ffmpeg library එකමෙකෙදි අපිට option තුනක් තියෙනවා.
- video audio දෙකම best දෙනවා
- අපිට ඕනේ video quality +audio best option දෙනවා
- ඒ දෙකම manual දෙනවා
*මෙතනින් දෙකම best option දෙන්වා නම් -
youtube-dl -f bestvideo[ext=mp4]+bestaudio[ext=m4a]/mp4 https://www.youtube.com/watch?v=YP_rabVFEA8
youtube-dl -f 136+bestaudio[ext=m4a]/mp4 https://www.youtube.com/watch?v=YP_rabVFEA8
මෙතනදි 136 කියන්නෙ video format code ,එක , මන් කලින් වගේමයි. download කරලා තියෙන්නේ 720p quality.136 වෙනුවට ඔයලට ඕනේ video format code එක replace කරගන්න පුලුවන්.
මෙතන [ext=mp4] කියන්නේ video එකේ extention එක .mp4 වෙන්න ඕනේ කියලා,audio එකත් එහෙම්මමයි(.m4a).
සාරාංශයක් විදිහට කිව්වොත් , මෙතනදි අපි කරේ අපිට ඕනේ video එකේ හා audio එකේ format select කරපු එක විතරයි,
වැඩිය හිත්තන්නේ නතුව , මේ command එක use කරනම් වඩේ කරගත්තහැකි.
youtube-dl -f bestvideo[ext=mp4]+bestaudio[ext=m4a]/mp4 [video url]
මෙක විශේෂයෙන්ම කිව්වෙ,video විතරක් download වෙන ගැටලුව තිබ්බා නම් එකට solution එකක් විදිහට.
/*****************************************************/
මෙච්චර තමයි අදට මට කියන්න තියෙන්නේ youtube-dl සම්බන්ධව . මන් හිතනවා මෙකෙන් , ඔයලාට youtube-dl පොඩි idea එකක් එන්න අති කියලා .
youtube-dl කියන්නේ සාගරයක් නම් මෙතන වතුර ලීටරයක් වත් නැති තරම්.
ඒ තරම් මෙක දඩ. මෙකෙන් මම කිව්වෙ youtube ගැන විතරක් උනාට , මෙකෙන් වෙන වෙන sites වලින් උනත් download පුලුවන්, ඒවගේම මෙක authentication කරනවා authentication ඕනේ site වලට.මෙකෙදි බාගෙට download වෙච්චි files වල නවතුන තැන ඉදලා download වෙනවා. ඒකියන්නේ ඔක්කොම අයෙ මුල ඉදල download කරන්න ඔනේ වෙන්නේ නැ.
මේ වගේ advance features ගොඩක් මෙකේ තියෙනවා
අදට මන් මෙතනින් මේ පොස්ට් එක ඉවර කරනවා , ඉස්සරහට youtube වලින් mp3 files download කරන විදිහ ගැන කියන්න බලපොරොත්තු වෙනවා.
අවුලක් තිබ්බොත් යටින් comment එකක් දන්න, මගෙ අතින් අවුලක් වෙලා තිබ්බනම් එකත් කියන්න.
එහෙනම් කට්ටියටම ජයවේවා.
No comments:
Post a Comment